අප සියළු දෙනාගේ එකම බලාපොරොත්තුව වූයේ මෙම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා දිරි දීමයි. අනාගතයේදී ඔවුන් හොදින් සිප් සතර හදාරා සමාජයට වැඩදායී පුද්ගලයන් වනු දැකීම අප සැමගේ එකම සිහිනයයි!
ළපටි මුවේ පිපෙන මේ අහිංසක සිනහමල් වල සුන්දරත්වය දැකීමට අප මහත්සේ කැපවීමු. අවසන ඒ දුෂ්කර අභියෝගය ඔබේද සහය ඇතිව අප මෙසේ ජයගත්තෙමු. ඔවුන් හට මෙවන් සතුටක් ලබා දීමට අපට මුදලින්, ද්‍රව්‍යමය වශයෙන් මෙන්ම වචනයකින් හෝ ආධාර කරන ලද සොයුරු සොයුරියනි, මේ සිනහමලින් ඔවුන් මුළු හදවතින්ම තුති පුදන්නේ ඔබටයි!


